Print this post
රාවය | 2004 මැයි 16
.......................................................................................................................................
ස්වයං මෛථුන්‍යයක් බවට පත්වූ මැතිවරණද, මැයි දින ‘පික්නික්’ හා සතුටු උයන්ද පී‍්‍රතිමත්ව නිමාවිය. දැන් ජාතික ප‍්‍රශ්නය ලංකාවේ දේශපාලනයේ හරි මැදට යළිත් පැමිණෙමින් තිබේ. භේද වීමේ හෝ සමගි වීමේ රේඛාවන් ඇඳෙන්නේ එහි අනුහසිනි. ඒ හේතුවෙන් එක්සත් ජාතික පක්‍ෂය සිය ‘පරාජයේ ජයග‍්‍රහණය’ ප‍්‍රමෝදයෙන් සමරන අතර, නිදහස් සන්‍ධානය සිය ‘ජයග‍්‍රහණයේ පරාජය’ විළියෙන් සඟවති. රූපවාහිනී නාලිකාවල දේශපාලන චණ්ඩි සංවාද දැන් මධ්‍යම රාති‍්‍රයට නිමාවන්නේ ජාතික හෙළ උරුමයේ වියරු ඩ‍්‍රැක්‍යුලා සිනා හඬිනි.
ජාතික ප‍්‍රශ්නය ලාංකීය දේශපාලනයේ හරි මැදට යළිත් පැමිණෙමින් ඇතැයි අප ලියන්නේ ඇයි?
ජාතීන් පිළිබඳ නොවිසඳුණු ප‍්‍රශ්නය සමාජ විපර්යාසය හමුවේ අති මූලික අභියෝගයක් ජනිත කරන්නේ ලංකාවේදී පමණක් නොවේ. නමුත් ලංකාවට ආවේණික වූ සුවිශේෂතා පවතී. 1994න් පසු ජනතා විමුක්ති පෙරමුණ සම්බන්‍ධව සිටි ජාත්‍යන්තර ලෙනින්වාදී ප‍්‍රවණතාව විසින් 2001 ජූනි 27 වෙනිදා ජවිපෙ නායකත්වයට විවෘත ලිපියක් ලීවේය. ඒ, ජවිපෙ හා ලෙනින්වාදී ප‍්‍රවණතාව අතර වූ සම්බන්‍ධයේ නිත්‍ය බිඳී යාම සළකුණු කරමිනි. ජවිපෙ පක්‍ෂ කේඩරයේ බහුතරයකට අනාවරණය නොවූ එම ලිපියේ තැනක මෙසේ දැක්වේ:
‘‘ඔබේ රටේ ගැටළුවල ගැටළුව ජාතික ප‍්‍රශ්නයයි. ජාතික ප‍්‍රශ්නය ඒකාන්ත වශයෙන් මූලික වූද, නොවැළැක්විය හැකි වූද, රටක් ලොව වේ නම් ඒ ශී‍්‍ර ලංකාවයි. ඔබගේ රටේ සමස්ත දේශපාලන ජීවිතයම භ‍්‍රමණය වන්නේ යුද්ධය හා දෙමල ජනයාගේ අරගලය වටායි.....සිංහල විප්ලවවාදීන් ප‍්‍රජාතාන්ත‍්‍රික හා ජාත්‍යන්තරවාදී වන්නේද, නොඑසේනම් ජාතිකවාදී හා ජාත්‍යෝන්මාදවාදී වන්නේද යන්න තීරණය කරන ලිට්මස් පරීක්‍ෂාව මේ තුළ අඩංගුව පවතී.’’
මේ ලිපියේ සමස්ත ප‍්‍රවේශය පිළිබඳ අපගේ නොඑකඟතා තිබේ. නමුත් උපුටා දක්වා ඇති කොටස ජාතික ප‍්‍රශ්නයේ සාරය රමණීය ලෙස සම්පින්ඩණය කර දක්වයි. ‘විප්ලවකාරීත්වය හා ජාත්‍යන්තරවාදය’ ගැන මති මතාන්තර අපි පසෙකින් තබමු. නමුත් ලංකාවේ සමාජය ප‍්‍රජාතන්තී‍්‍රකරණය සඳහා යෝජනා කරන සෑම දේශපාලන ව්‍යාපෘතියකම හරි මැද සළකුණු වන්නේ නොවිසඳුණු ජාතික ගැටළුව මගිනි. එය ලංකාවෙන් බැහැරදීද ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා සමාජ සංවර්ධනය පිළිබඳ සමස්ත ප‍්‍රශ්නයේ හරස්කඩක් බවට පත්වන ආකාරය තවමත් ප‍්‍රමාණවත් හැදෑරීම්වලට ලක් වී නැත. හුදු අධ්‍යාපනික වැදගත්කම පමණක් සළකා වුව නිදසුන් කීපයක් සළකා බලමු.
ජාතීන් එක්සත්භාවය කරා ගෙන ඒමේ ප‍්‍රජාතාන්ති‍්‍රක ක‍්‍රමවේදය පිළිබඳ ප‍්‍රශ්නය සම්බන්‍ධයෙන්, බිඳ වැටුණු සෝවියට් සංගමය වැදගත් අත්දැකීම් සපයයි. 1922 දෙසැම්බරයේ සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු සංගමය ස්ථාපිත කරන තෙක් සෝවියට් රාජ්‍යය සැදුම්ලත්ව තිබුණේ ස්වාධීන සමාජවාදී සමූහාණ්ඩු සංගම් කිහිපයකිනි. රුසියානු සෝවියට් ෆෙඩරල් සමාජවාදී සමූහාණ්ඩුවට අමතරව ජෝර්ජියාව, ආර්මේනියාව හා අසර්බයිජානය ඇතුළත්කොට ගොඩනැඟූ ට‍්‍රාන්ස් කොකේසියානු සෝවියට් ෆෙඩරල් සමූහාණ්ඩුවත්, යුක්රේනියානු සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුව මෙන්ම බයිලෝරුසියානු සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුවත් ඊට ඇතුළත් ස්වාධීන සමූහාණ්ඩු වශයෙන් සැළකිණ. 1922 තනි සමූහාණ්ඩු සංගමයක් තුළට ගොණු කරන ලද්දේ 1910 ජූලි මාසයේ සම්පාදනය කරන ලද රුසියානු සෝවියට් ෆෙඩරල් සමාජවාදී සමූහාණ්ඩු ව්‍යවස්ථාව යටතේ එතෙක් ස්වාධීනව පැවති මෙම ජනරජයන්ය. ලෝක ගෝලයෙන් හයෙන් එකක් නියෝජනය කළ සෝවියට් සංගමය ජාතීන්ගේ ප‍්‍රශ්නය විසඳාලීම පිළිබඳ පරමාදර්ශී නිදසුනක් වශයෙන් ඔසවා තැබීමේ වැරැද්ද ලංකාවේ බහුතරයක් වාමාංශිකයන් විසින් කොන්දේසි විරහිතව සිදුකරන ලදී.
නමුත් සෝවියට් සංගමය බිඳී යාමේ තීරණාත්මක පැළුම් රේඛා ජාතීන් පිළිබඳ නොවිසඳුණු ගැටළු ඔස්සේ මතුවිය. 1990දී ඝාතනයට ලක්වීමට සතියකට පෙරාතුව රිචඞ් ද සොයිසා අමරසේකරගේ ජාතික චින්තන මතවාදයට නිර්දය ලෙස පහර දෙමින් ‘දි අයිලන්ඞ්’ පුවත්පතට ලියූ ලිපියක මේ යථාර්ථය මෙසේ මතුකොට තිබිණ:
‘‘ඇමරිකන් බලයට එරෙහිව යුරෝපය තුළ සන්ධානයක් ගොඩනැගීමට 40 ගණන්වලදී ස්ටාලින් ගත් උපායික තීරණය පනස්, හැට හෝ හැත්තෑ ගණන්වලදී සමාලෝචනය කළ යුතුව තිබුණු බවට තවමත් තර්ක කිරීම වටියි. නැගෙනහිර යුරෝපය සහ සෝවියට් දේශය හරහා හමා යමින් පවතින ජාතිකවාදයන් විසින් ප‍්‍රතික්‍ෂෙප කරන්නේ ජාතික චින්තනයේ විස්තීර්ණ ස්වරුපයක් වන මහා රුසියානු මතවාදයන් මිස කොමියුනිස්ට්වාදය නොවේ.’’
රිචඞ් සමරමින් අමරසේකර සමඟ ගමන් කිරීමේ දේශපාලනය පැහැදිලි කර දීමේ අසීරු ප‍්‍රශ්නය ජනතා විමුක්ති පෙරමුණේ අපගේ පැරණි මිතුරන් හමුවේ මතු කිරීමේ අභිලාෂයක් අපට නැත. නමුත් විප්ලවයෙන් හැත්තෑ වසරක් ඇවෑමේදීත් ඉතිරිව පැවති මහා රුසියානු මතවාදයේ කැත නශ්ඨාවශේෂ පිළිබඳ ප‍්‍රශ්නය නම් අප කාටත් වැදගත්කමක් සහිත එකකි. ජාතීන් එක්සත්කිරීමේ මාර්ගයක් වශයෙන් ජාතීන් සතු වෙන්ව ජීවත්වීමේ අයිතිය අවධාරණය කළ ලෙනින් ‘විශේෂිත ජාතික අංග ලක්‍ෂණ නොමැති ජනතාවන් සිටිත්නම් ජාතීන්ගේ වෙන්වීමේ අයිතිය පිළිබඳ වගන්තිය ඉවත් කළ හැකිව තිබිණැ’යි ප‍්‍රකාශ කළේය. නමුත් සෝවියට් සංගමය සැදුම්ලත් ජාතීන් ‘‘එක්සත් කොට තබාගැනීමට’’ අදාළව ලෙනින් කිසිවිටක පිළිනොගත් අධිකාරවාදී අයිතියක්, විශේෂයෙන්ම ලෙනින්ගේ මරණයෙන් පසු, රුසියානු පාර්ශ්වය විසින් අඛණ්ඩව ප‍්‍රදර්ශනය කරන ලදී.
ජාතීන්ගේ ප‍්‍රශ්නය පිළිබඳ අත්‍යාවශ්‍ය සංවේදීතාවයක් අවශ්‍ය වන්නේ නොඑසේනම් එය සමාජ සංවර්ධන කි‍්‍රයාවලිය ආපසු හරවන බිහිසුණු විපාක ජනිත කරනු ඇති නිසාය. 1918දී ජාතීන් පිළිබඳ මහජන කොමිසාර් මණ්ඩලය විසින් බෂ්කීර් ටාටර් ස්වෛරී සමූහාණ්ඩුවක් පිහිටුවීමට ගත් වෑයම එක් නිදසුනකි. බෂ්කීර්වරු ඒ වනවිටත් තුන්සිය වසරක් ටාටර්වරුන් යටතේ පීඩනයට පාත‍්‍රව ජීවත්ව තිබිණ. බෂ්කීර් ටාටර් ස්වෛරී සමූහාණ්ඩුවක් පිළිබඳ යෝජනාව බෂ්කීර්වරුන් දක්නා ලද්දේ එම පැරණි පීඩනය අලූත් වටයකින් තහවුරු කිරීමක් වශයෙනි. ඒ සම්බන්‍ධයෙන් වූ විරෝධයන් නොසළකා හැරිණ. ප‍්‍රතිඵල වශයෙන් සැළකිය යුතු බෂ්කීර් ජන කොටසක් රුසියාවට එරෙහිව යුද වැදුණු කොල්චාක්ගේ ප‍්‍රතිවිප්ලවකාරී හමුදාවන්ට එක්විය. ඒ එක් නිදසුනකි. යුක්රේනියානුවන් මෙන්ම වොල්ගා නදීබඩ රුසියානු ජර්මානුවන්ද, කි‍්‍රමියන් ටාටර්වරුන්ද ඇතුළු වෙනත් ජනවර්ගයන් සම්බන්‍ධයෙන්ද මෙබඳු නිදසුන් බොහෝය.
මධ්‍යම ඇමරිකාවෙන් ඔබ්බටද විප්ලවීය උද්‍යෝගය ජනිත කළ ‘70 දශකයේ අගභාගයේ සැන්ඩිනිස්ටා විප්ලවය විසින්ද මේ හා සමාන පසුකාලීන නිදසුනක් සපයයි. ඔගස්ටෝ සැන්දිනෝගේ සිට කාලෝස් ෆොන්සේකා දක්වා ජීවිත පරිත්‍යාග කළවුන්ගේ යශෝ කීර්තිය කැටුව 1979 දී මනාගුවා නගරයට සැන්දිනිස්ටා හමුදා ඇතුළුවීම නිකරගුවානු නාගරික හා ගම්බද දුගී හා පීඩිත ජන ජීවිතය තුළ අතිමහත් ප‍්‍රබෝධයක් ජනිත කරන ලදී. රැඩිකල් සමාජ හා ආර්ථික ප‍්‍රතිසංස්කරණ විප්ලවීය ජවයකින් සමාජය වෙළාගත්තේය. නමුත් නව විප්ලවකාරී ආණ්ඩුව මරණීය නොසළකා හැරීමක් කළේය. ඒ ජාතික ස්වයං පාලනය සඳහා ස්වදේශික මිස්කිටෝ ඉන්දියානුවන් අතරින් ඉදිරිපත් වූ ජාතික ඉල්ලීම අරභයාය. ‘එක්සත්භාවය’ බලය යොදා නිර්මාණය කිරීමට තැත් කළ ආණ්ඩුව ඉන්දියානු වගා බිම් විනාශ කළේය. දිවි ගළවාගත් ඉන්දියානුවන් බහුතරයක් දේශසීමාව පැන හොන්ඩියුරාස් රාජ්‍යය තුළදී එක්සත් ජනපද ආධාර යටතේ ගොඩනැගෙමින් තිබූ කොන්ට‍්‍රා කුලී හමුදාවන්ට සිය කැමැත්තෙන් එක් විය. පසුකාලීනව සැන්දිනිස්ටාවරු සිය වරද ප‍්‍රසිද්ධියේ පිළිගත්හ. නමුත් විනාශය ආපසු හැරවිය නොහැකි විය. දිග්ගැසුණු සිවිල් යුද්ධය විසින් 1989දී සැන්දිනිස්ටා ආණ්ඩුව බලයෙන් ඇද වට්ටනු ලැබිණ.
ජාතීන් පිළිබඳ ප‍්‍රශ්නය ‘ගැටළුවල ගැටළුවක්’ බවට පත්වන්නේ එපරිද්දෙනි. එය අන් සියල්ලටම වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ ලිට්මස් පරීක්‍ෂාවක් වන්නේද එබැවිනි. ඉන් සමත් වීමේ ඉදිරි දර්ශනයක් සම්පාදනය කිරීම ඇල්ලේ ගුණවංශගේ සිට ගුණදාස අමරසේකර දක්වා වන ගෝති‍්‍රක නායකයන්ගේ ගල් අවි නිෂ්පාදනාගාරවලදී සිදුකළ නොහැකි බව නම් ඒකාන්ත වශයෙන්ම කිව හැකිය.
2004 මැයි | කොළඹ
Print this post
Sunday, May 16, 2004
Subscribe to:
Post Comments (Atom)
© Samakaya 2011
0 comments:
Post a Comment