මව්බිම | 2006 ජූලි 16
.......................................................................................................................................
ජනතා විමුක්ති පෙරමුණ ‘ණය හරියාකාරව පියවාගන්නා පක්ෂයක්’ බව ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ ප්‍රකාශ කළේ ඉකුත් සතියේ පැවැති පක්ෂයේ විශේෂ සමුළුවකදීය. ඒ වනාහී කොටි සංවිධානය තමන්ට ප්‍රහාර එල්ල කළහොත් ඊට මුහුණ දෙන ආකාරය පිළිබඳ පැහැදිලි කිරීමකි. නගර සභා පිටිය ඔල්වරසන් හඬින් ඇළලී ගියේය. ඒ සන්ධ්යාවේදීම රත්නපුර දිස්ති‍්‍රක් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුසන්ත පුංචිනිලමේ රජයට එකතුවිය. ඒ අනුව ජවිපෙ පූර්ණකාලීන කි්රයාධරයින්ව සිටියදී පැහැරගෙන ගොස් වධ බන්ධනයන්ට ලක්කොට පරාළ ඇණ ගසා මරා දමන ලද වෛද්‍ය ශිෂ්‍ය පද්මසිරි තී‍්‍රමා විතාරණ සහෝදරයාගේ ණය දැන් පියවාගෙන තිබේ!
අපේ වැනි රටවල ‘ප්‍රජාතාන්ත්‍රික ප්රවාහයට ආදර්ශමත් ලෙස අනුකලනය වීම’ යනු සමූල ඝාතනයන් පිළිබඳ සාමූහික හෘදය සාක්ෂිය පිසදා හැරීමට දක්වන සමත්කමයි. අනතුරුව නව සංහාරයන්ගේ කොටස්කරුවන් වීම පහසුය. අතරමැද පන්තියේ රැඩිකල් දේශපාලනයේ ඉරණම හැමවිටම මෙබඳුය. කැරළිකාරී සම්මුති විරහිතභාවය හැමවිටම අතීත කාලයට අයත් එකකි. දශකයක් තුළ දිගහැරුණු මෙකී ජවනිකා මාලාවන් හුදෙක් දූපතක යථාර්ථයක් නොවේ. ආසියා - අපි‍්‍රකා හා ලතින් ඇමරිකානු ත්‍රෛ මහාද්වීපික කලාපයන් සිසාරා ‘70 සහ ‘80 දශකවල නැඟී ආ විප්ලවකාරී රළ වේගයන් මාධ්‍යමික සහ දක්ෂිණාංශික සාගර ගැඹුරේ සන්සුන්ව ගිළී යමින් පවතී. එය විමසීමට තරම් වටිනා කරුණකි.
‘60 දශකය අග භාගයේදී චේ ගෙවාරා සමඟ බොලිවියානු මහ වනයේදී අත් අඩංගුවට ගත් ප්‍රංශ රැුඩිකල් චින්තකයෙකු වූ රෙජිස් ඩෙබ්රේ කියුබානු විප්ලවයේ මාදිලිය න්‍යායගත කළ අද්විතීය න්‍යායධරයා වශයෙන් සැළකිණ. බොලීවියානු හා එක්සත් ජනපද මධ්‍යම රහස් ඔත්තු ඒජන්සියේ අත්අඩංගුවෙන් ඔහු නිදහස් කරගැනීම පිණිස ඉදිරිපත් වූ බල සම්පන්න දූත කණ්ඩායමේ නියෝජිතයන් අතර බර්ට්රන්ඞ් රසල් හා ෂෝන් පෝල් සාත්‍රේ ද විය. ඩෙබ්රේ විසින් ලියන ලද Revolution in the Revolution වාම ගරිල්ලාවාදය පෝෂණය කළ ෆෝකෝ න්‍යායේ අත්පොත විය. නමුත් චේ ගේ මරණයෙන් දශකයක් ඇතුළත දී ප්රංශුවා මිතරොංගේ සමාජවාදී ආණ්ඩුව වෙනුවෙන් ප්‍රංශ මිරාජ් යානා සඳහා තුන්වන ලෝකයේ වෙළඳපොළ නිර්මාණය කරගැනීම ඩෙබ්රේ කරක් ගසනු දක්නට ලැබිණ.
දකුණු අපි‍්‍රකානු අරගලයේ රැඩිකල් බලවේගයන්ගේ ඉරණමද ඊට නොදෙවෙනිය. අපි‍්‍රකාව තුළ සමාදාන රහිත සටන්කාමීත්වය නියෝජනය කළ ‘කළු විඥාණය’ සංවිධානයේ කීර්තිමත් නායක ස්ටීව් බිකෝ ෆැසිස්ට් දකුණු අපි‍්‍රකානු රජයේ පොලිස් අත්අඩංගුවේදී මරණයට පත්විය. බිකෝගේ සහායිකාව මෙන්ම ‘කළු විඥාණය’ සංවිධානයේ ප්රබලතම කි‍්‍රයාකාරිනියක් වශයෙන් කි‍්‍රයාකළ මැම්ෆීලේ රැම්ෆීල් ඉන් දශක දෙකක් ඇතුළත දී තුන්වන ලෝකයේ දිළිඳු රාජ්‍යයන් තුළ ලෝක බැංකුවේ කොල්ලකාරී නව ලිබරල්වාදය ප්‍රවර්ධනය කරමින් සැරි සැරීම ඇරඹීය.
68 යුරෝපා ශිෂ්‍ය නැගිටීමේ විප්ලවීය ප්‍රතිරූපය වශයෙන් සැළකුණු ඩැනියෙල් කෝන් බෙන්ඩිට් හෙවත් 'Danny the Red' විසිවන සියවස අවසාන වනවිට යුරෝපා පාර්ලිමේන්තුවේ ජර්මානු හරිත පක්ෂ කණ්ඩායම් නායකයා වශයෙන් හරිත පක්ෂයේ දක්ෂිණාංශික හැරුම් හා සමගාමී දේශපාලනයක් තෝරාගෙන තිබිණ. ඒ වනාහී පුද්ගල ඉරණම්ය. සංවිධාන සහ ව්‍යාපාරයන්ගේ ඉරණමද ඊට නොදෙවෙනිය.
සැල්වදෝරයේ මිලිටරි ජුන්ටාවට එරෙහිව දිග්ගැසුණු දුෂ්කර අරගලයට නායකත්වය සැපයූ සන්ධානගත වාමාංශික පෙරමුණ වූ ෆැරබුන්ඩෝ මාටි ජාතික විමුක්ති පෙරමුණ (FMLN) දක්ෂිණාංශික ඇල්ෆ්රෙදෝ කි්රස්තියානිගේ ජාතික ජනරජ සන්ධාන (ARENA) රජය සමඟ සාම ගිවිසුමකට එළඹුණේ 1991 දෙසැම්බරයේදීය. දෙවසරක් ඇතුළත එහි සන්නද්ධ අංශය වූ විප්ලවකාරී ජනතා හමුදාවට නායකත්වය දුන් විලාලොබෝස්ගේ මූලිකත්වයෙන් ඉන් බිඳීගිය පිරිස් මාධ්‍යමිකවාදී ප්රජාතන්ත්රවාදී පක්ෂය පිහිටුවාගත්හ. අනතුරුව දක්ෂිණාංශික ජනරජ සන්ධාන රජයේ ආධාරකරුවෙකු දක්වාම ගමන් කළහ. අරගලකාරී අතීතයක් පසුකරමින් රාජ්‍ය බලය කරා ගමන්කළ බොලීවියානු විප්ලවකාරී වාමාංශික ව්‍යාපාරයේ (MIR) ජායිම් සමෝරාගේ ‘සමාජ ප්රජාතන්ත්රවාදී’ ආණ්ඩුව බලයෙන් පහ කෙරුණේ ගොවි-කම්කරු ජනයා යටපත් කිරීමේ සහ දූෂිතභාවය පිළිබඳ චෝදනා යටතේය. කොලොම්බියාවේ සුප්‍රකට MR-19 වාමාංශික ගරිල්ලෝ, ලිබරල් ජනාධිපති ගැවීරාගේ නව ලිබරල්වාදී ප්‍රතිසංස්කරණයන්ට සහාය පළකිරීමට වන්දි වශයෙන් සිය ඡුන්ද ප්‍රතිශතය 20% සිට 4% දක්වා අඩු කරගත්හ. වෙනිසියුලාවේ කලක් විප්ලවකාරී වාමාංශිකයන්ගෙන් සැදුම්ලත් වාම මාධ්‍යමික සන්ධානය, සමාජ කි්රස්තියානි රෆායෙල් කල්දේරාගේ රජයේ පෞද්ගලීකරණ ප්රතිපත්තීන් හා කම්කරු විරෝධී මර්දනකාරීත්වයන්ට සහාය දක්වමින් සිය ජන පදනම් බරපතල ලෙස අහිමි කරගත්තේය. ඉක්වදෝරයේ ජනපි‍්‍රය වාම නායක ලූසියෝ ගුටීඑරස්ගේ ‘වාමාංශික ආණ්ඩුව’ කෙටි කලක් ඇතුළත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටත්, කොලොම්බියානු සැළැස්මටත්, පෙට්‍රෝලියම් සහ විදුලිය පෞද්ගලීකරණයටත් විවෘත සහාය පළකර සිටියේය. ඉමහත් සුබවාදී අපේක්ෂා අවුළුවමින් බලයට පත්, බ්‍රසීලයේ ලෝහ කම්කරුවෙකු හා වාම වෘත්තීය සමිති නායකයෙකු වූ ලූලා ඩි සිල්වාගේ කීර්තිමත් කම්කරු පක්ෂයේ ඉරණමද මෙයින් වෙනස් නොවේ. බ්‍රසීල ඉඩම් අහිමි ගොවීන්ගේ ව්‍යාපාරය (MST) විසින් මේ වනවිටත් වෙවුළුම් කවා තිබෙන ලූලාගේ නව පාලනය යටතේ ගත් ‘‘ප්රගතිශීලී පියවරයන්ට’’ අනුව ෆ්ලීට් බොස්ටන් ග්ලෝබල් බැංකුවේ හිටපු සභාපතිවරයා මහ බැංකු ප්‍රධානියා ලෙස පත්කෙරිණ. දැඩි නව ලිබරල්වාදියෙකු ලෙස ගැණෙන ඇන්ටෝනියෝ පැලෝචි මුදල් ඇමතිවරයා ලෙස පත්කෙරිණ.
1989 ධවල භීෂණ සමයේ රාජ්‍ය ඝාතක හමුදාවන්ගෙන් දිවි ගළවාගැනීමට සමත් වූ එකම ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයා වශයෙන් සැළකෙන සෝමවංශ අමරසිංහ දශකයකට අඩු පිටුවහල් දිවියක් යුරෝපයේ ගෙවා දැමීය. ජාත්‍යන්තර ප්‍රදර්ශන සහ රැස්වීම් සංවිධානය කිරීම හරහා එවකදී රාජ්‍ය හමුදාවන් විසින් සිදුකළ 60,000කට ආසන්න ඝාතනයන් පිළිබඳ දැනුවත්භාවය ගොඩනගන්නට පළමුව මානව හිමිකම් සුරැකීමේ ශිෂ්‍ය සංවිධානය වශයෙනුත් දෙවනුව ජවිපෙ ජාත්‍යන්තර කමිටුව වශයෙනුත් කි‍්‍රයාකළ වකවානුවකින් පසු පෙරළා ලංකාවට පැමිණියේය. දකුණේ පීඩිත තරුණයින් සංහාරය කරමින් ඔහුගේම දිවිය පවා ඩැහැගන්නට මෙහෙයුම් දියත් කළ එකී රාජ්‍ය හමුදාවන්ට දහස් ගණනින් සිය සාමාජිකයින් බඳවන බවට දැන් ඔහු ශපථ කර සිටියි. ඒ උතුරේ පීඩිත තරුණයින් මෙල්ල කිරීම පිණිසය. ඒ අතරේ සියළු කම්කරු සටන් මර්දනයට බලය සපයන හදිසි නීතියට පක්ෂව පාර්ලිමේන්තුව තුළ ස්වකීය පක්ෂය මෙහෙයවමින්ම කම්කරු වැඩවර්ජන කැඳවීමට අභියෝග කරයි. අපේ රටවල රැඩිකල් දේශපාලනයන් විසින් අතීත ණය පියවා ගැනීමේ කීර්තිමත් ක්‍රමවේදය එයයි.
0 comments:
Post a Comment