Sunday, July 27, 2008
ජූලි මාසයක මතක මාත්‍ර
රාවය | 2008 ජූලි
.......................................................................................................................................
දෑවුරුද්දකට පෙර මියගිය විලියම් ස්ටයිරන් රමණීය ප්‍රබන්ධ කතාකරුවෙකි. ඔහු ලියූ ‛නැට් ටර්නර්ගේ පාපොච්ඡාරණයන්’ (Confessions of Nat Turner) කෘතිය කියවීමට දහසය අවුරුද්දකට පෙර ‛ලක්දිව’ පත්‍රයෙහි වැඩ කරන සමයෙහි මා පොළඹවන ලද්දේ සුනිල් මාධව ප්‍රේමතිලක විසිනි. 19 වන සියවසේ වර්ජිනියාවේ වහල් නැගිටීම් පසුබිම් කොටගත් ස්ටයිරන්ගේ කෘතිය ඔහුගේ විශිෂ්ඨතම කෘති අතරේ ලා සැළකේ. ‛80 දශකයේදී අවධානයට පත් සම්මානනීය සිනමා පටයකට නිමිති වූ 'Sophie's Choice' කෘතිය ස්ටයිරන් විසින් ලියන ලද්දේ ‛70 අග භාගයේදී ය. නට්සීන්ගේ අවුෂ්විට්ස් කඳවුර ආශ්‍රිත කෲරභාවයන් අවලෝකනය කරමින් 'Sophie's Choice' කෘතියේ ස්ටයිරන් මෙසේ ලියයි: ‛
‛අවුෂ්විට්ස් යනු කුමක්දැයි මම යම් දිනක වටහාගනිමි. මෙය නිර්භීත ප්‍රකාශයක් බැව් සැබැවි මුත් අහිංසක වූ වියුක්ත එකකි. කිසිවෙකු විසින් කිසිදිනක අවුෂ්විට්ස් වටහා නොගනු ඇත...අවුෂ්විට්ස්, පහදාලිය නොහැක්කක් වශයෙන් තවදුරටත් පවතී. අවුෂ්විට්ස් පිළිබඳ මේ දක්වා කර ඇති ගැඹුරුතම ප්‍රකාශය ඇත්තෙන්ම ප්‍රකාශයක් නොව, ප්‍රකාශයකට දැක් වූ ප්‍රතිචාරයකි. ප්‍රශ්නය මෙසේය: ‛මට කියන්න, අවුෂ්විට්ස්හි දෙවියන් සිටියේ කොහිද?’ පිළිතුර මෙබඳුය: ‛‛එහි මිනිසා සිටියේ කොහිද?’’
Posted by
Admin
at
9:11 AM
0
comments
Labels: රාවය - සමකය 2008
Sunday, July 6, 2008
ජූලියේ නැග එන සටන් රැල්ල
රාවය | 2008 ජූලි 06
.......................................................................................................................................
සටන් ඇවිලෙන ජූලියක් යළිත් එළඹ තිබේ.
වෘත්තීය සමිති 366ක පිටුබලය සහිතව ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය විසින් ජූලි 10 වෙනිදාට කැඳවනු ලැබ ඇති එක්දින සමස්ත මහා වැඩ වර්ජනයට දැන් සියලු කටයුතු ලක ලෑස්තිව ඇති සෙයකි. පෞද්ගලික හා රාජ්‍ය අංශයේ සේවක වැටුප් රුපියල් 5000කින්ද, වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 500කින්ද වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් යෝජිත වර්ජනයට පදනම සපයයි. මේ හා සමාන්තරව වෘත්තීය සමිති 51කින් සැදුම්ලත් සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයද ස්වකීය වූ ඉල්ලීම් පාදක කොටගෙන වර්ජනයට එක්වීමට නියමිත ය. වර්ජන ක්‍රියාමාර්ගයට සහයෝගය පළ කිරීම අරමුණු කොටගත් දැවැන්ත විරෝධතා උද්ඝෝෂණයක් අගෝස්තු 4 වෘත්තීය සමිති ව්‍යාපාරය, වෘත්තීය සමිති මධ්‍යස්ථානය සහ රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකරගැනීමේ ඒකාබද්ධ වෘත්තීය සමිති කමිටුව විසින් එදිනම කොටුව දුම්රිය පොළ ඉදිරිපිටට කැඳවා තිබේ.
Posted by
Admin
at
9:09 AM
0
comments
Labels: රාවය - සමකය 2008
Subscribe to:
Posts (Atom)
© Samakaya 2011