Sunday, September 24, 2006
ස්වෛරීභාවය පිළිබඳ පැරණි රසාංග
මව්බිම | 2006 සැප්තැම්බර් 24
.......................................................................................................................................
සැප්තැම්බර් 13 වෙනිදා පදනම් ආයතනයට කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් පළකළ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්වරයා ‛නොකා නොබී මැරුණත්’ රටේ ස්වෛරීභාවය ආරක්‍ෂා කරන බවට ශපථ කොට සිටියේය. 19 අවුරුද්දකට පෙර දෙමළ ජනයාගේ ස්වෛරීභාවය ආරක්‍ෂා කරනු වස් නොකා නොබී නිරාහාරව මිය ගිය රාසයියා පාර්තීපන් හෙවත් තිලීපන් සිය මාරාන්තික උපවාසය යාපනයේ නල්ලූර් කන්දසාමී කෝවිල අභියස දී ආරම්භ කරන ලද්දේද 1987 සැප්තැම්බර් 12 වෙනිදාවකය. තිලීපන්ගේ ක්‍රියාව සහ වීරවංශගේ කතාව එකම මාසයක ආසන්න දින දෙකක සිදුවීම මුළුමණින්ම අහඹුවක් බවට සැක නැත. නමුත් දකුණේ දවසින් දවස වැඩිවන බඩගිනි හමුදාවන් ලවා ස්වෛරීභාවයවත් ආරක්‍ෂා කරගැනීමට සැළසුම් නොකළහොත් ඒ බඩගිනි හමුදාවන් මැඩලන්නට උතුරේ හමුදාවන් ආපසු කැඳවීමට සිදුවීමේ අනතුර ජවිපෙ නායකයින්ටද ඉව වැටී ඇති සෙයකි.
කෙසේ වුවද ස්වෛරීභාවය පිළිබඳ ජවිපෙ මාරාන්තික ස්ථාවරය 13 වෙනිදාවේම ප්‍රකාශයට පත් කිරීම හදිසි අවශ්‍යතාවක් බවට පත්වන්නේ ටෝකියෝ ආධාර සමුළුවේ සම සභාපතිවරුන්ගේ ඒකාබද්ධ නිවේදනය සැප්තැම්බර් 12 වෙනිදා බ්‍රසල්ස් නගරයේදී ප්‍රකාශයට පත්වීම බව නිසැකය. නිවේදනයේ සාරය සරළව සළකා බලතොත් එහි අඩංගු වන්නේ සටන් විරාමයකට නොඑළඹුණහොත් ලංකාවට අපේක්‍ෂිත ආධාර නවතාලීමක් පවා සිදුවීමේ තර්ජනයක් ඇති බවයි. සම සභාපති රටවල භූමිකාව හා ස්වෛරීභාවය පිළිබඳ ජවිපෙ කල්පනා කරන ආකාරය අතර සම්බන්‍ධය ගැන කදිම සාකච්ඡාවකට මෙමගින් දොරටු විවර වෙයි. එහෙයින් අපි ඒ ගැන කතා කරමු.
Posted by
Admin
at
4:58 AM
0
comments
Labels: මව්බිම - සමකය 2006
Sunday, September 17, 2006
සාම්පූර් ජය සහ මැක්කාගේ සංග්‍රාමය!
මව්බිම | 2006 සැප්තැම්බර් 17
.......................................................................................................................................
රොබට් ටේබර් ඇමරිකානුවෙකි. ප්‍රවෘත්ති වාර්තාකරුවෙකු වශයෙන් මධ්‍යම ඇමරිකාවේත්, උතුරු අප්‍රිකාවේත්, කැරීබියානු කලාපයේත් විප්ලව අරගල වාර්තාකරණයෙහි යෙදුණ ටේබර් කියුබානු විප්ලව සමයේ ෆිදෙල් සමඟ පළමු රූපවාහිනී සම්මුඛ සාකච්ඡාව සියෙරා මයේස්ත්‍රාවේදී සිදුකළ වාර්තාකරුවා වශයෙන් ඉතිහාසයට එක්විණ. ඒ ෆිදෙලිස්තා හමුදාව යාන්තම් සිය දෙනෙකු ඉක්මවා පැතිරෙමින් සිටි කාලයේදීය. ඉන් කලකට පසු ජයග්‍රාහී කියුබානු විප්ලවය පෙරළා දැමීමට ඇමරිකානු මැදිහත්වීමෙන් දියත් වූ ‛බේ ඔෆ් පිග්ස්’ ආක්‍රමණයේදී ටේබර්, මාධ්‍ය වෘත්තිය පසෙක ලා කියුබානු විප්ලවය ආරක්‍ෂා කරනු වස් කියුබානුවන් සමඟ එක්ව සටන් කොට තුවාල ලැබුවේය.
1969දී ටේබර් වැදගත් කෘතියක් ලීවේය. එහි පළමු මුද්‍රණයේ පිටපත් සියල්ලම පාහේ එක්සත් ජනපද ආරක්‍ෂක ආයතනවල ප්‍රයෝජනය සඳහා මිලට ගන්නා ලදී. එහි පසුකාලීන මුද්‍රණයන්ද මිලිටරි චින්තකයින්ගේ සහ ආයතනවල නොමද අවධානයට පාත්‍ර විය. War of the Flee (මැක්කාගේ සංග්‍රාමය) නමින් ලියැවුණු ටේබර්ගේ කෘතිය ගරිල්ලා යුද්ධයේ න්‍යාය සහ ව්‍යවහාරය පිළිබඳ ලියැවුණු අතිශය සංවිධිත අධ්‍යයනයකි. චීනයේත්, කියුබාවේත්, වියට්නාමයේත්, ඇල්ජීරියාවේත්, අයර්ලන්තයේත්, ඊශ්‍රායෙලයේත්, මොරොක්කෝවේත්, සයිප්‍රසයේත්, පිලිපීනයේත්, මලයාවේ සහ ග්‍රීසියේත් සමාන්තර ගරිල්ලා අත්දැකීම් පිළිබඳ කදිම විශ්ලේෂණයක් ඉදිරිපත් කළ ටේබර්ගේ කෘතිය යුද විද්‍යාවේ පසුකාලීන වර්ධනයන් සමඟ බොහෝවුන්ගේ මතකයෙන් බැහැරව ගියේය. නමුත් දශක තුනකින් පසු ටේබර්ගේ අවතාරය යළිත් මිලිටරි චින්තකයින් අතර සැරිසැරීමට පටන්ගෙන තිබේ. ඒ, ලෝකයේ අනභියෝගී යුද බලවතා වශයෙන් සැළකෙන එක්සත් ජනපදයේ සුපිරි හමුදාවන් ඇෆ්ඝනිස්ථානයේදී සහ ඉරාකයේදී ‛මැක්කන්ගේ සංග්‍රාමයට’ කොටුවීමත් සමගය.
Posted by
Admin
at
4:07 AM
0
comments
Labels: මව්බිම - සමකය 2006
Sunday, September 10, 2006
සකළ දේශවාසී නිර්ධනයනි, සිංහ කොඩිය ඔසවව්!
මව්බිම | 2006 සැප්තැම්බර් 10
.......................................................................................................................................
සාම්පූර්වලදී කලාක් මෙන් වැඩි කල් නොගොසින්ම කිලිනොච්චියේත් ‛සිංහල කොඩිය’ ඔසවන බව ‛සරෝජා’ හැදූ සෝමරත්න දිසානායක සැප්තැම්බර් 05 වෙනිදා මානෙල් මල් ව්‍යාපාරයේ නුගේගොඩ රැස්වීම් වේදිකාවේදී කීවේය. පසුව කතාකළ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විමල් වීරවංශ විසින් සෝමරත්න දිසානායකගේ කතාවේදී සුළු වැරැද්දක් සිදු වූ බව කියමින් ‛සිංහල කොඩියෙ’හි ‛ල’යන්න ඉල්ලා අස්කර ගත්තේය. ඒ හේතුවෙන් දෙමළ ජනයාට සිදුවන්නට ගිය මහත් වූ අසාධාරණයක් වැළකී ගියේය. ඒ අනුව කිලිනොච්චියේ දී ඔසවන්නේ ‛සිංහ කොඩිය’ යනුවෙන් එය නිවැරදි විය යුතුය.
එදිනම ජනතා විමුක්ති පෙරමුණට සම්බන්‍ධ සමස්ත ලංකා දුම්රිය පොදු සේවක සංගමයේ 10 වෙනි වාර්ෂික සමුළුව මරදානේ දුම්රිය සංගම් ශාලාවේදී පැවැත්වුණි. ‛බෙදුම්වාදී සතුරු බල මුළු පරදවමු - දුම්රිය සේවක අයිතීන් දිනාගනිමු’ එහි තේමාවයි. දුම්රිය සේවක අයිතීන් උදුරාගෙන ඇත්තේ බෙදුම්වාදී සතුරු බලමුළු බව සටන් පාඨයෙන් පැහැදිලිය. ඒ අනුව සාම්පූර්හී ළෙල දෙන සිංහ කොඩිය දුම්රිය කම්කරුවන්ගේ අයිතීන් යම් තාක් දුරකට දිනාගැනීමක් වශයෙන් සැළකිය හැකිය. මක් නිසාද යත් එමගින් ‛බෙදුම්වාදී සතුරු බලමුළු’ තරමකට හෝ පරාජය වී ඇති හෙයිනි.
Posted by
Admin
at
3:20 AM
0
comments
Labels: මව්බිම - සමකය 2006
Sunday, September 3, 2006
පොළොවේ ප්‍රශ්න ගුවනේදී විසඳීම
මව්බිම | 2006 සැප්තැම්බර් 03
.......................................................................................................................................
රොබට් තොම්ප්සන් ‛ත්‍රස්ත විරෝධී යුද ක්‍රියා’ පිළිබඳ යුද න්‍යායේ බ්‍රිතාන්‍ය විශේෂඥයෙකි. ජෙනරාල් ජෙරල්ඩ් ටෙම්ප්ලර්ගේ නායකත්වයෙන් ‛50 දශකයේ මලයානු කොමියුනිස්ට් ගරිල්ලන් සහමුලින් පරාජය කිරීමේ මෙහෙයුම්වලට තොම්ප්සන් ක්‍රියාකාරීව දායක විය. 1961දී වියට්නාම් යුද්ධය පැතිර යාමේ ලකුණු පළවන්නට පටන් ගත් විට බ්‍රිතාන්‍ය අගමැති මැක්මිලන් විසින් යුද උපදේශනය සඳහා පත්කළ බ්‍රිතාන්‍ය උපදේශන දූත කණ්ඩායමේ (BRIAM) ප්‍රධානියා වශයෙන් තොම්ප්සන් පත්කරන ලදී. ඒ වියට් කොං වරුන්ට එරෙහි එක්සත් ජනපද හමුදාවන්ට ඔහු වැන්නෙකුගේ විශේෂඥ ඥාණය අත්‍යාවශ්‍ය වනු ඇතැයි ගණන් බැලීමෙනි. වියට්නාමයේදී අත්විඳීමට නියමිත එක්සත් ජනපද පරාජය ඔහු පෙර දැක්කේය. දැවැන්ත ගුවන් ප්‍රහාර මගින් වියට්නාම් ගම් බිම් අතු ගා දැමීමේ ගුවන් මෙහෙයුම් ගැන ඔහු විරෝධය පෑවේය. ‛‛යුද්ධය දිනිය යුත්තේ මොළයේ සහ පාබල ශක්තියෙනි’යි ඔහු ජනාධිපති කෙනඩිට අනතුරු හැඟවීය. නමුත් ඇමරිකාව විශ්වාසය තැබුවේ තමන් සතු සුපිරි ගුවන් හැකියාව කෙරෙහි මිස තොම්ප්සන්ගේ යුද ඥාණය කෙරෙහි නොවේ. 'Better dead than red' යැයි කල්පනා කළ ඇමරිකානු යුද ප්‍රතිපත්ති සැළසුම්කරුවන් වියට්නාමය ගුවන් ප්‍රහාර මගින් වනසා දැමුවේය.
තොම්ප්සන් 1965දී බ්‍රිතාන්‍ය උපදේශන දූත කණ්ඩායමෙන් ඉවත් විය. 1969 වන විට එක්සත් ජනපද ආක්‍රමණික සේනාංකවල අපකීර්තිමත් පරාජයේ ඉතිහාසය වියට්නාමයේ සටන්කාමී ගම්බද ගරිල්ලන් විසින් ලිවීම ආරම්භ කර තිබිණ. වසර කිහිපයක් ඇතුළත දකුණු වියට්නාමය කාමියුනිස්ට් ගරිල්ලන් අතට පත්කරමින් සයිගොන් ඇද වැටිණ.
Posted by
Admin
at
2:47 AM
0
comments
Labels: මව්බිම - සමකය 2006
Subscribe to:
Posts (Atom)
© Samakaya 2011