Sunday, July 30, 2006
මහනෙල් මල් සහ එරබදු මල්
මව්බිම | 2006 ජූලි 30
.......................................................................................................................................
මහනෙල් මල් ව්‍යාපාරය විසින් දියත් කරන ලද මහනෙල් මල් සතිය දැන් නිමාවට පත්ව තිබේ. ඒ රාජ්‍ය හමුදාවන්ගේ සාමාජිකයින්ව සිට යුදබිමේදී මියගිය සොල්දාදුවන්ගේ පවුල් සඳහා වූ සුබසාධන වැඩසටහනක කොටසක් වශයෙනි. ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම්වරයාද, දන්ත වෛද්‍ය ගුණදාස අමරසේකරද ප‍්‍රමුඛ සරසවි ඇදුරන් සහ කලාකරුවන් පෙරටු කොටගත් දේශ හිතෛශී ජාතික ව්‍යාපාරය මහනෙල් මල් සතිය සංවිධානය කිරීමේ වගකීමට උර දී තිබිණ. හමුදා සුබ සාධනය ඉලක්ක කොටගත් පොපි මල් ව්‍යාපාරයක් වාර්ෂිකව සංවිධානය කෙරෙන අතරතුරදී මහනෙල් මල් ව්‍යාපාරයක් අවශ්‍ය වූයේ ඇයි? ඒ පොපි මල් ව්‍යාපාරයට මේ නිශ්චිත මොහොතට අදාළව උපයෝගී කොට ගත හැකි දේශපාලන න්‍යාය පත‍්‍රයක් නොමැති බැවිනි.
දේශ හිතෛශී ජාතික ව්‍යාපාරය ජනතා විමුක්ති පෙරමුණේ පෙරමුණු සංවිධානයකි. එහි ලේකම්වරයා ජවිපෙ දේශපාලන මණ්ඩලයේ ප‍්‍රචාරක ලේකම්ධූරයේ වගකීම උසුළන්නෙකි. හමුදා බි‍්‍රගේඩියර්වරයෙකුට මානෙල් මල් ස්ටිකරය පළඳවනවුන් අතර හෙතෙම සිනහමුසු මුහුණින් සිටින සේයාරුවක් පුවත්පත්වල පළවී තිබිණ. හරියටම මෙයින් මසකට පෙර ජනතා විමුක්ති පෙරමුණේ ශිෂ්‍ය සංවිධානය වූ සමාජවාදී ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද ශිෂ්‍ය වීර දිනයේ ප‍්‍රධාන දේශකයා වශයෙන් සහභාගී වූයේද ඔහුය. එහිදී එළිදුටු කෘතියක මුල් පිටපත දශක එක හමාරකට පෙර රාජ්‍ය හමුදා අත්අඩංගුවේදී ඝාතනය කෙරුණු ජවිපෙ කි‍්‍රයාකාරී ශිෂ්‍ය නායකයෙකු වූ එස්.එම්.නිෂ්මිගේ පියා වෙත සියතින් පිරිනමන සේයාරුවකද ඔහු සිනහමුසු මුහුණින් සිටිනු පුවත්පත්වල පළවිය.
Posted by
Admin
at
6:36 PM
0
comments
Labels: මව්බිම - සමකය 2006
Sunday, July 23, 2006
‘කරුණා’ සින්ඞ්රෝමය හා තවත් කතා
මව්බිම | 2006 ජූලි 23
.......................................................................................................................................
කරුණා අම්මාන් ප‍්‍රමුඛ ‘නැගෙනහිර කොටින්ගේ මුදාගත් ප්‍රදේශ’ හා ‘රහස් කඳවුරු’ දැන් කොළඹ ජනමාධ්‍යකරුවන්ට ඒකාකාරීත්වයෙන් මිදී සති අන්ත විනෝදයෙන් ගෙවා දැමිය හැකි ‘ඇඞ්වෙන්චර් පාර්ක්ස්’ සහ ‘ෆන් අයිලන්ඞ්ස්’ බවට පත්ව තිබේ. ‘නම් හෙළි නොකළ’ ස්ථානයකදී කරුණා අම්මාන් හමුවී කරන සම්මුඛ සාකච්ඡා දකුණේ මාධ්‍ය ස්වයං වින්දනයේ උපරිම අනුරාගී නිමිත්තයි! ලංකාවේ දෙමළ ජනයාට ඇති ප‍්‍රශ්නය කුමක්දැයි අසමින් සිටියවුන් හිටි හැටියේ නැගෙනහිර දෙමළ ජනයාට ඇති සුවිශේෂී ප‍්‍රශ්න පිළිබඳ විශේෂඥයින් බවට පත්ව ඇත්තේ ඒ යටතේය. දශක හයක් තිස්සේ ලංකාවේ ධනපති පාලන තන්ත‍්‍රයන්ට විසඳාගත නොහැකිවූ ජාතික සමානතාව සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ ගැටළුවට ‘විසඳුම් මාර්ගයක්’ විනායගමූර්ති මුරලීදරන් හෙවත් කරුණා අම්මාන්ගේ පිහිටෙන් හමුවී තිබේ. ඒ අනුව දැන් සිංහල ඒකීයවාදයේ වැඩවසම් සේනාවන්ගේ පෙරමුණේ ලෙළදෙන අලූත් රණකාමී ධජයකි: මෙවර එය හමුවී ඇත්තේ මඩකළපුවට උතුරින් කිරාන්හී දෙමළ මුක්කුවාර් කුලයේ දුගී පවුලකිනි.
නමුත් ‘කරුණා කණ්ඩායම’ හරහා දියත් කෙරෙන අත්හදා බැලීම අලූත් එකක් නොවේ. එය ලංකාව තුළ මෙන්ම මහාද්වීපිකවද ‘කැරළි මර්දන යුද කි‍්‍රයා’ (counter insurgency warfare) සම්බන්‍ධයෙන් නැවත නැවතත් යොදාගන්නා ලද පැරැුණි වට්ටෝරුවකින් සකසා ගන්නා ලද එකකි. ඒ නිසාම සවිස්තරාත්මකව විමසා බැලීමට තරම් වටනේය.
Posted by
Admin
at
7:12 PM
0
comments
Labels: මව්බිම - සමකය 2006
Sunday, July 16, 2006
ණය පියවාගැනීමේ රැඩිකල් ක‍්‍රමය
මව්බිම | 2006 ජූලි 16
.......................................................................................................................................
ජනතා විමුක්ති පෙරමුණ ‘ණය හරියාකාරව පියවාගන්නා පක්ෂයක්’ බව ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ ප‍්‍රකාශ කළේ ඉකුත් සතියේ පැවැති පක්‍ෂයේ විශේෂ සමුළුවකදීය. ඒ වනාහී කොටි සංවිධානය තමන්ට ප‍්‍රහාර එල්ල කළහොත් ඊට මුහුණ දෙන ආකාරය පිළිබඳ පැහැදිලි කිරීමකි. නගර සභා පිටිය ඔල්වරසන් හඬින් ඇළලී ගියේය. ඒ සන්‍ධ්‍යාවේදීම රත්නපුර දිස්ති‍්‍රක් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුසන්ත පුංචිනිලමේ රජයට එකතුවිය. ඒ අනුව ජවිපෙ පූර්ණකාලීන කි‍්‍රයාධරයින්ව සිටියදී පැහැරගෙන ගොස් වධ බන්‍ධනයන්ට ලක්කොට පරාළ ඇණ ගසා මරා දමන ලද වෛද්‍ය ශිෂ්‍ය පද්මසිරි තී‍්‍රමා විතාරණ සහෝදරයාගේ ණය දැන් පියවාගෙන තිබේ!
අපේ වැනි රටවල ‘ප‍්‍රජාතාන්ත‍්‍රික ප‍්‍රවාහයට ආදර්ශමත් ලෙස අනුකලනය වීම’ යනු සමූල ඝාතනයන් පිළිබඳ සාමූහික හෘදය සාක්‍ෂිය පිසදා හැරීමට දක්වන සමත්කමයි. අනතුරුව නව සංහාරයන්ගේ කොටස්කරුවන් වීම පහසුය. අතරමැද පන්තියේ රැඩිකල් දේශපාලනයේ ඉරණම හැමවිටම මෙබඳුය. කැරළිකාරී සම්මුති විරහිතභාවය හැමවිටම අතීත කාලයට අයත් එකකි. දශකයක් තුළ දිගහැරුණු මෙකී ජවනිකා මාලාවන් හුදෙක් දූපතක යථාර්ථයක් නොවේ. ආසියා - අපි‍්‍රකා හා ලතින් ඇමරිකානු ත්‍රෛ මහාද්වීපික කලාපයන් සිසාරා ‘70 සහ ‘80 දශකවල නැඟී ආ විප්ලවකාරී රළ වේගයන් මාධ්‍යමික සහ දක්‍ෂිණාංශික සාගර ගැඹුරේ සන්සුන්ව ගිළී යමින් පවතී. එය විමසීමට තරම් වටිනා කරුණකි.
Posted by
Admin
at
6:28 PM
0
comments
Labels: මව්බිම - සමකය 2006
Subscribe to:
Posts (Atom)
© Samakaya 2011