Sunday, August 22, 2004
ප්‍රොපගැන්ඩා ගැන ප්‍රොපගැන්ඩා
රාවය | 2004 අගෝස්තු 22
.......................................................................................................................................
‘53 අගෝස්තු හර්තාලයට පනස් එක් අවුරුද්දක් පිරුණ අගෝස්තු 12 වෙනිදා මධ්‍යහ්නයේ රත්මලාන බාටා ෆැක්ටරියේ වැඩ වර්ජිත කම්කරුවන්ට සන්නද්ධ පොලිස් හමුදා එලව එලවා පහර දුන්හ. එයින් දින දෙකක් ඇතුළතදී ජනතා විමුක්ති පෙරමුණට සම්බන්‍ධ ජාතික භික්‍ෂු පෙරමුණ විසින් ‘හමුදා ශක්තිය තර කරනු’ යි රට පුරා පෝස්ටර් අලවා තිබිණ. 17 වෙනිදා ‘සාමයේ සතුරන් හෙළිදරව් කරමින්’ රට පුරා යන ජවිපෙ ප‍්‍රසිද්ධ සම්මන්ත‍්‍රණය මහරගමට කැඳවා තිබුණි. නමුත් 18 වෙනිදා දුම්රිය සේවා වෘත්තීය සමිති 32ක් නියෝජනය කරමින් මරදානට රැස්වූ කම්කරු පිරිස් දුම්රිය අධිකාරී පනත අහෝසි කරන්නැයි උද්ඝෝෂණය කළහ.
එක් පැත්තකින් බඩගිනි හමුදාවකි. අනෙක් පැත්තෙන් ‘ප්‍රොපගැන්ඩා’ හමුදාවකි. තර කෙරෙන හමුදා ශක්තිය හා ගුටිකන කම්කරු පන්තිය අතර සම්බන්‍ධය එළඹෙන කාලයේදී තවදුරටත් පැහැදිලි වීමට නියමිතව තිබේ. ඒ අනුව බඩගිනි යුද්ධය ඇවිළ යන තෙක් ‘ප්‍රොපගැන්ඩා’ යුද්ධය නගර වනසනු ඇත.
Posted by
Admin
at
2:07 PM
0
comments
Labels: රාවය - සමකය 2004
Subscribe to:
Posts (Atom)
© Samakaya 2011