Sunday, July 25, 2004
'වාම' බහුජනවාදය නරකාදියට බැසීම
රාවය | 2004ජූලි 25
.......................................................................................................................................
රත්මලානේ බාටා කම්කරුවන් මේ ලියන මොහොතේත් සටනේය.
එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව ගෙන ආ වන්දි සූත‍්‍රය අහෝසි කරන තුරුම නොනැගිටින්නට සිතාගෙන නාරාහේන්පිට නගර මධ්‍යයේ මාරාන්තික උපවාසයට වාඩි වූ අන්තර් සමාගම් සේවක සංගමයේ හිටපු ලේකම් සහෝදරයා දැන් වාඩි වී සිටින්නේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්‍ෂය පැත්තේය. ඒ ආණ්ඩුව විසින්ම අත්හිටුවන ලද බව කියන වන්දි සූත‍්‍රය යොදාගෙන පළමු වටයේදී 146 දෙනෙකුගේ සේවය නැවැත්වීමට එරෙහිව සටන් වදින බාටා කම්කරුවෝ, දුන් පොරොන්දු ඉටු කරන්නැයි ඉල්ලා පිටකොටුවේ පිකට් කරති.
1994 අවුරුද්දේ ප‍්‍රසිද්ධ තලයේ මැතිවරණ දේශපාලනයට එන්නට තීරණය කළ ජනතා විමුක්ති පෙරමුණ සිය සම්ප‍්‍රාප්තිය සළකුණු කරනු ලැබුවේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ මූලිකත්වයෙන් කොළඹ මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේ පැවති නිදහස උදෙසා ජනතා ව්‍යාපාරයේ ප‍්‍රසිද්ධ සම්මන්ත‍්‍රණයෙනි. ‘‘නරකාදිය ඉස්සරහ පිටින් ඇස් ඇරගෙන යනවාද - ඇස් වහගෙන යනවාද කියන එක තීරණය කරන තැනකට ලාංකීය ජනතාව දැන් ඇවිත් සිටිතැ’’යි වත්මන් ජවිපෙ ප‍්‍රචාරක ලේකම් සහෝදරයා කීවේ ඒ රැස්වීමේ අවසාන කතාව ආරම්භ කරමිනි. දැන් දස වසක් ඉක්ම ගොස් තිබේ. බාටා කම්කරුවෝ නරකාදියේ හෙළනු ලැබ සිටිති. ඒ නරකාදිය ඉදිරිපිට ජනතා විමුක්ති පෙරමුණේ ඇස් ඇරී ඇතිදැයි - වැසී ඇතිදැයි දැනගැනීම බොහෝවුන්ට වැදගත් වනු ඇත.
Posted by
Admin
at
1:48 PM
0
comments
Labels: රාවය - සමකය 2004
Subscribe to:
Posts (Atom)
© Samakaya 2011