Sunday, June 20, 2004
ඉන්දියාව: කලාපීය අසව්වක් වශයෙන්
රාවය | 2004 ජූනි 20
.......................................................................................................................................
පවතින අනම්‍ය රාජ්‍ය සැකැසුමේ ප‍්‍රජාතාන්ති‍්‍රක ප‍්‍රතිව්‍යුහකරණයක් ඇති කිරීමට බල කෙරෙන දෙමළ ජනයාගේ ජාතික ඉල්ලීම් උඩින්, ලැබෙන ඕනෑම අවස්ථාවකදී ඉන්දියානු බුල්ඩෝසර් යැවීමේ ‘දේශමාමක සැළසුම්’ යළිත් අභියෝගයට ලක්ව තිබේ. ඒ, කලාපීය දේශපාලනය ගැන අභිනව ඉන්දීය ආණ්ඩුව පෙන්නුම් කොට ඇති රාජ්‍ය තාන්ති‍්‍රක ප‍්‍රවේශයේ ස්වභාවය හේතුවෙනි. කොංග‍්‍රසය ප‍්‍රමුඛ ‘එක්සත් ප‍්‍රගතිශීලී සන්‍ධාන’ රජය මැයි 27 වෙනිදා එළිදැක්වූ නව ආණ්ඩුවේ ‘පොදු අවම වැඩපිළිවෙල’ (Common Minimum Programme - CMP) පිළිබඳ ලියැවිල්ලෙහි ලංකාව ගැන රාජ්‍ය තාන්ත‍්‍රික ප‍්‍රතිපත්තිය පැහැදිලි කොට ඇත්තේ මෙසේය:
‘‘ශී‍්‍ර ලංකාවේ භෞමික අඛණ්ඩතාව හා සහයෝගීතාව තුළ දෙමළ ජනයාගේත්, ආගමික සුළුතරයන්ගේත් යුක්ති සහගත අභිලාෂයන් මුදුන්පත් කරවන සාම සාකච්ඡුාවන්ට එක්සත් ප‍්‍රගතිශීලී සන්‍ධානය සහාය දක්වනු ඇත.’’ (The Hindu - 2004 මැයි 28). ජූනි 01 වෙනිදා ඉන්දීය පාර්ලිමේන්තුව අමතා කතාකරමින් ‘‘ශී‍්‍ර ලංකාවේ සියළු භාෂාමය හා ආගමික සුළුතරයන්ගේ යුක්ති සහගත අභිලාෂයන් මුදුන් පමුණුවන්නාවූද, සියළු ජන කොටස්වල අභිමානය හා ආත්ම ගරුත්වය සඳහා අත්‍යාවශ්‍ය සියල්ල සහතික කරන්නාවූද සාමයක් සඳහා මගේ රජය සහාය දක්වනු ඇතැ’’යි (The Hindu - 2004 ජූනි 07) ජනාධිපති අබ්දුල් කලාම් විසින්ද අවධාරණය කරන ලදී. මේ තැන් දෙකෙහිදීම ‘සුළුතර ජනයාගේ යුක්ති සහගත අභිලාෂයන් මුදුන් පත්කිරීම’ අත්‍යවශ්‍ය ව්‍යතිරේඛයක් වශයෙන් ඉන්දියාව සළකන බව හඟවා තිබේ. පසුගිය දශකය තුළ දෙමළ ජාතික අරගලය කෙරෙහි වූ ඉන්දියානු ආකල්පය, දෙමළ ජනයාගේ ජාතික ඉල්ලීම් තුළ අඩංගු පොදු ප‍්‍රජාතාන්ති‍්‍රක අන්තර්ගතය බිඳදැමීමේ ‘නකල් ඩස්ටරයක්’ බවට පත්කරගැනීමේ ප‍්‍රාර්ථනාවන් මෙකී ස්ථාවරයන් විසින් තරමක් දුරට හෝ අර්බුදයේ හෙළා ඇති බව පෙනේ. ස්වාධීන දෙමළ රාජ්‍යයක් පිළිබඳ ඉන්දීය විරෝධය තවදුරටත් යථාර්ථයක් වන තරමටම අනම්‍ය ඒකීය රාජ්‍යයක්ද ඉන්දීය අපේක්‍ෂාව නොවන බව මෙමගින් පැහැදිලි වේ.
Posted by
Admin
at
6:10 AM
0
comments
Labels: රාවය - සමකය 2004
Sunday, June 13, 2004
කුකුළේගඟ ඇමරිකානු සාම සාධනය
රාවය | 2004 ජූනි 13
.......................................................................................................................................
ජූනි 12 වෙනිදා සිංහරාජයට ප‍්‍රත්‍යන්ත කුකුළේගඟදී ‘‘සාම සාධක ෆැක්ටරියක’’ වැඩ ඇරඹිණ. අභිනවයෙන් ඇරඹුණු කුකුළේගඟ මිලිටරි පුහුණු සංකීර්ණයේදී එක්සත් ජනපද පැසිෆික් ආඥාවේ අධීක්‍ෂණය යටතේ නිත්‍ය හමුදා අභ්‍යාසයන් සඳහා මුලපුරා ඇත. පළමු ඒකාබද්ධ වැඩසටහන සඳහා මොංගෝලියාව, බංග්ලාදේශය, නේපාලය හා ශී‍්‍ර ලංකාව මෙන්ම එක්සත් ජනපදයද සහභාගී වීම නිල වශයෙන්ම නිවේදනය කෙරී තිබේ. ප‍්‍රකාශිත අරමුණ ‘එක්සත් ජාතීන්ගේ සාම සාධනය’යි. නව අවුරුද්දක් තිස්සේ වැඩි හා-හූවකින් තොරව පවත්වාගෙන ගිය ශී‍්‍ර ලංකා - ඇමරිකානු ඒකාබද්ධ හමුදා අභ්‍යාසයන් හෙවත් ‘සමතුලිත ආරේ මෙහෙයුම්’ (Operation Balance Style) මාලාව මේ යටතේ නව අධියරකට එළඹ ඇත. කුකුළේගඟ හමුදා පුහුණු අභ්‍යාසයන් ‘සාම සාධනයට’ අදාළ යැයි පැවසෙන නමුත් අධීක්‍ෂණ කටයුතු සිදු කෙරෙන්නේ සාම සාධනයේ ලෝ පතල කීර්තියක් සහිත එක්සත් ජනපද පැසිෆික් ආඥාව මගිනි. පැරණි ආණ්ඩුවෙන් සැපයුණු යටි තල පහසුකම් යටතේ දැන් අභිනව ආණ්ඩුව සමඟ ‘රට පෙරට’ය. තනියට ඇමරිකානුවෝද සිටිති.
Posted by
Admin
at
5:43 AM
0
comments
Labels: රාවය - සමකය 2004
Sunday, June 6, 2004
ඉන්දීය මැතිවරණයේ දිදුලන පණිවුඩය
රාවය | 2004 ජූනි 06
.......................................................................................................................................
ඉන්දියාවේ හින්දුත්වවාදී බලවේගයන්ගේ මැතිවරණ පරාජය ගැන බෝතලේගම පාඨලී චම්පික රණවකගේ දක්‍ෂිණාංශික පශ්චාත්තාපය මේ දිනවල ‘‘ජාතික පත්තරවල’’ පිටුපුරා වැගිරෙයි. මේ පසුතැවිල්ල යුක්ති සහගතය. තුන්වැනි වතාවටත් තම පක්‍ෂය කණපිට ගසා කසාවත් අන්දා වේෂ නිරූපණය කොට නව පාරමිතා පෙරහැරක් සුබ මොහොතින් ලංකාවේ පාරට දමාගත්තා පමණිත ඉන්දියාවේ දක්‍ෂිණාංශික හින්දුත්වවාදයේ පෙරහැර ආපසු ගමන් අරඹා තිබේ. කට මුලටම අසුබ නිමිත්තකි. පරාජය වූයේ හින්දුත්වවාදී ප‍්‍රවණතාවන් නොවේයැයි කියන්නට ලංකාවේ දක්‍ෂිණාංශික උපායික විශේෂඥයා වන රණවක දැන් කෙස් පලන්නේ එහෙයිනි.
ඇත්තෙන්ම ඉන්දීය මැතිවරණ ප‍්‍රතිඵලය මගින් විදහා පෑ දිදුලන ආදර්ශය කුමක්ද? ආගම්වාදයේ හා වර්ගවාදයේ දක්‍ෂිණාංශික වසන්ත සැණකෙලියක් බවට පත්වුණු ලංකාවේ දේශපාලනයට මුළුමණින්ම ප‍්‍රතිමුඛ යථාර්ථයක් ඉන්දීය මැතිවරණ ප‍්‍රතිඵලය විසින් තහවුරු කොට තිබේ. හින්දුත්වවාදී ආගමික ෆැසිස්ට්වාදය භාගෙට නොව, කට කපලාම පැරදිණ. රණවක නොදන්නා සේ සිටියාට එසේ නිගමනය කිරීමට හේතු දෙකක් තිබේ.
Posted by
Admin
at
5:25 AM
0
comments
Labels: රාවය - සමකය 2004
Subscribe to:
Posts (Atom)
© Samakaya 2011