Sunday, May 30, 2004

ඉන්දියානු 'ලොකු අයියා'ගේ පුනරාගමනය


රාවය | 2004 මැයි 30
.......................................................................................................................................

ල්ලීම් ඉල්ලන දෙමළා ඉන්දියානු මුගුරෙන් තලා බිම හෙළාගැනීමේ සුබ සිහින යළිත් දේශ හිතෛශීන්ගේ මනස් තුළ හොල්මන් කරන්නට පටන්ගෙන ඇති සෙයක් පෙනේ. ‘අවසාන ඉන්දියානු සෙබළාත් ඉන්ද්‍රප‍්‍රස්ති පුරය දක්වාම පළවා හරින්නට’ කලක අසිපත් ලෙළවූ සෙනෙවිවරුන් ඉන්දීය මැදිහත්වීමක් සඳහා රතු කාපට් පිළිගැනීමක් දෙන්නට මඟ බලා සිටින්නේ එහෙයිනි. සමීකරණය සරළය: ‘බටහිරින් සිදුකෙරෙන මැදිහත්වීම් තුලනය කරගැනීම සඳහා ඉන්දියානු ලොකු අයියා කැඳවාගත යුතුය.’ මේ විස්මයජනක ප‍්‍රඥාව ගැන කලබල විය යුතු නැත. කොහොමටත් ලංකාවේ ප‍්‍රධාන ධාරාවේ දූරදර්ශීම දේශපාලනයත් තුන්මාසයක ගැරන්ටියක් සහිත එකකි. පැරණි නිරවි යුද්ධයේ නිමාවෙන් පසු වෙනස් වූ කලාපීය භූ දේශපාලන ජවනිකා හා ඊට අනුරූපව ගොඩනැගී ඇති නව උපාය මාර්ගික සන්‍ධාන පිළිබඳ කිසිදු යථාර්ථයක් මේ සරළ සමීකරණ සඳහා අදාළ කර නොගැනෙන්නේ එනිසාය.

ඉන්දීය මැදිහත්වීමක් විසින් ලංකාව මුහුණ දී ඇති ව්‍යාකූලතා නිරාකූල කර දෙනු ඇතැයි සිතිය හැකිද? මේ සඳහා නිදහසින් පසු කාලයේ කලාපය තුළ වර්ධනය වූ සමස්ත ඉන්දීය මිලිටරි-දේශපාලන කි‍්‍රයාකාරීත්වයන් විමසා බැලීම අත්‍යවශ්‍යය. ඒවා හැමවිටම ගැටගැසී තිබුණේ ඉන්දීය ජාතික ආරක්‍ෂාව පිළිබඳ මුලෝපායික අභිලාෂයන් සමඟය. කවර හෝ මට්ටමකින් සිදුවන ඉන්දීය මැදිහත්වීම් සම්පූර්ණයෙන් සැලසුම් කරනු ලැබෙන්නේ යට කී අභිලාෂයන් මුදුන්පත් කරගැනීමට අත්‍යවශ්‍ය වූ මිලිටරි-දේශපාලන දෘෂ්ටි කෝණයෙන් බලාය. ලංකාවේම අතීත අත්දැකීම් අමතක කළද සමාන්තර නිදසුන් කිහිපයක් විමසා බැලීම වුව ප‍්‍රමාණවත්ය. (වර්තමාන වර්ධනයන් ගැන දෙවැනි සටහනකින් සාකච්ඡා කිරීමට අපේක්‍ෂා කරමි.)

Sunday, May 23, 2004

ශ්‍රී ලංකාව ස්වෛරී රාජ්‍යයක්ද?


රාවය | 2004 මැයි 23
.......................................................................................................................................

>ර්මරත්නම් සිවරාම් (තරාකී) මාස කිහිපයකට පෙරාතුව අවධානය යොමුවිය යුතු ලිපියක් Daily Mirror පුවත්පතට ලියා තිබිණ. ලිපියේ මාතෘකාව වශයෙන් යොදා තිබුණේ සිත්ගන්නා සුළු ‘ත‍්‍රස්තවාදී’ ප‍්‍රශ්නයකි : ‘ශී‍්‍ර ලංකාව සැබැවින්ම ස්වෛරීද?’ (Is Sri Lanka Truly Sovereign?) 

ඉකුත් සති කිහිපයේ දිගහැරුණු සිදුවීම් දාමය ඇසුරින් කල්පනා කළ විට සිවරාම් විසින් මතුකළ ප‍්‍රශ්නයෙහි අදාළත්වය යළි යළිත් පසක් වේ. නෝර්වේජියානු විදේශ අමාත්‍යාංශ දූතයින් පසුපසින් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු ආසියානු කටයුතු භාර සහකාර ලේකම් කි‍්‍රස්ටිනා රොකා සිව්දින චාරිකාවක් සඳහා ලංකාවට පැමිණියාය. ඒ පිළිබඳ පළවු කොළඹ මාධ්‍ය වාර්තා අනුව නම් ඇයගේ චාරිකාව ‘ති‍්‍රකුණාමලයේ කස්තුරිනගර් ධීවරයන්ට බෝට්ටු බෙදාදීමට’ ආ ගමනකැයිද හැඟී යාමට ඉඩ තිබේ. ඒ අතරවාරයේදී එක්සත් ජනපදය දෙමළ සටන්කාමී ව්‍යාපාරය සම්බන්‍ධයෙන් දශමයක හෝ බුරුලක් කිසිසේත් නොදෙන බවට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ලේකම් රිචඞ් ආමිටේජ් ලංකාවේ විදේශ ඇමතිවරයාට සහතික කොට තිබුණේය. ඒ සකළ දේශ හිතෛශීන්ගේ පහන් සංවේගය පිණිසය. ලංකාව පිළිබඳ ඉන්දියාවේ නිම නොවන උනන්දුවද, යසූෂි අකාශිගේ ලංකාගමනයද මේ සිදුවීම් දාමයේම පුරුක් වශයෙන් ගත යුතුය.

Sunday, May 16, 2004

ජාතික ප්‍රශ්නය - ගැටළුවල ගැටළුව


රාවය | 2004 මැයි 16
.......................................................................................................................................

ස්වයං මෛථුන්‍යයක් බවට පත්වූ මැතිවරණද, මැයි දින ‘පික්නික්’ හා සතුටු උයන්ද පී‍්‍රතිමත්ව නිමාවිය. දැන් ජාතික ප‍්‍රශ්නය ලංකාවේ දේශපාලනයේ හරි මැදට යළිත් පැමිණෙමින් තිබේ. භේද වීමේ හෝ සමගි වීමේ රේඛාවන් ඇඳෙන්නේ එහි අනුහසිනි. ඒ හේතුවෙන් එක්සත් ජාතික පක්‍ෂය සිය ‘පරාජයේ ජයග‍්‍රහණය’ ප‍්‍රමෝදයෙන් සමරන අතර, නිදහස් සන්‍ධානය සිය ‘ජයග‍්‍රහණයේ පරාජය’ විළියෙන් සඟවති. රූපවාහිනී නාලිකාවල දේශපාලන චණ්ඩි සංවාද දැන් මධ්‍යම රාති‍්‍රයට නිමාවන්නේ ජාතික හෙළ උරුමයේ වියරු ඩ‍්‍රැක්‍යුලා සිනා හඬිනි.

ජාතික ප‍්‍රශ්නය ලාංකීය දේශපාලනයේ හරි මැදට යළිත් පැමිණෙමින් ඇතැයි අප ලියන්නේ ඇයි?

ජාතීන් පිළිබඳ නොවිසඳුණු ප‍්‍රශ්නය සමාජ විපර්යාසය හමුවේ අති මූලික අභියෝගයක් ජනිත කරන්නේ ලංකාවේදී පමණක් නොවේ. නමුත් ලංකාවට ආවේණික වූ සුවිශේෂතා පවතී. 1994න් පසු ජනතා විමුක්ති පෙරමුණ සම්බන්‍ධව සිටි ජාත්‍යන්තර ලෙනින්වාදී ප‍්‍රවණතාව විසින් 2001 ජූනි 27 වෙනිදා ජවිපෙ නායකත්වයට විවෘත ලිපියක් ලීවේය. ඒ, ජවිපෙ හා ලෙනින්වාදී ප‍්‍රවණතාව අතර වූ සම්බන්‍ධයේ නිත්‍ය බිඳී යාම සළකුණු කරමිනි. ජවිපෙ පක්‍ෂ කේඩරයේ බහුතරයකට අනාවරණය නොවූ එම ලිපියේ තැනක මෙසේ දැක්වේ: