Sunday, August 22, 2004

ප්‍රොපගැන්ඩා ගැන ප්‍රොපගැන්ඩා


රාවය | 2004 අගෝස්තු 22
.......................................................................................................................................

53 අගෝස්තු හර්තාලයට පනස් එක් අවුරුද්දක් පිරුණ අගෝස්තු 12 වෙනිදා මධ්‍යහ්නයේ රත්මලාන බාටා ෆැක්ටරියේ වැඩ වර්ජිත කම්කරුවන්ට සන්නද්ධ පොලිස් හමුදා එලව එලවා පහර දුන්හ. එයින් දින දෙකක් ඇතුළතදී ජනතා විමුක්ති පෙරමුණට සම්බන්‍ධ ජාතික භික්‍ෂු පෙරමුණ විසින් ‘හමුදා ශක්තිය තර කරනු’ යි රට පුරා පෝස්ටර් අලවා තිබිණ. 17 වෙනිදා ‘සාමයේ සතුරන් හෙළිදරව් කරමින්’ රට පුරා යන ජවිපෙ ප‍්‍රසිද්ධ සම්මන්ත‍්‍රණය මහරගමට කැඳවා තිබුණි. නමුත් 18 වෙනිදා දුම්රිය සේවා වෘත්තීය සමිති 32ක් නියෝජනය කරමින් මරදානට රැස්වූ කම්කරු පිරිස් දුම්රිය අධිකාරී පනත අහෝසි කරන්නැයි උද්ඝෝෂණය කළහ.

එක් පැත්තකින් බඩගිනි හමුදාවකි. අනෙක් පැත්තෙන් ‘ප්‍රොපගැන්ඩා’ හමුදාවකි. තර කෙරෙන හමුදා ශක්තිය හා ගුටිකන කම්කරු පන්තිය අතර සම්බන්‍ධය එළඹෙන කාලයේදී තවදුරටත් පැහැදිලි වීමට නියමිතව තිබේ. ඒ අනුව බඩගිනි යුද්ධය ඇවිළ යන තෙක් ‘ප්‍රොපගැන්ඩා’ යුද්ධය නගර වනසනු ඇත.

Sunday, July 25, 2004

'වාම' බහුජනවාදය නරකාදියට බැසීම


රාවය | 2004ජූලි 25
.......................................................................................................................................
 
ත්මලානේ බාටා කම්කරුවන් මේ ලියන මොහොතේත් සටනේය.

එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව ගෙන ආ වන්දි සූත‍්‍රය අහෝසි කරන තුරුම නොනැගිටින්නට සිතාගෙන නාරාහේන්පිට නගර මධ්‍යයේ මාරාන්තික උපවාසයට වාඩි වූ අන්තර් සමාගම් සේවක සංගමයේ හිටපු ලේකම් සහෝදරයා දැන් වාඩි වී සිටින්නේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්‍ෂය පැත්තේය. ඒ ආණ්ඩුව විසින්ම අත්හිටුවන ලද බව කියන වන්දි සූත‍්‍රය යොදාගෙන පළමු වටයේදී 146 දෙනෙකුගේ සේවය නැවැත්වීමට එරෙහිව සටන් වදින බාටා කම්කරුවෝ, දුන් පොරොන්දු ඉටු කරන්නැයි ඉල්ලා පිටකොටුවේ පිකට් කරති. 

1994 අවුරුද්දේ ප‍්‍රසිද්ධ තලයේ මැතිවරණ දේශපාලනයට එන්නට තීරණය කළ ජනතා විමුක්ති පෙරමුණ සිය සම්ප‍්‍රාප්තිය සළකුණු කරනු ලැබුවේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ මූලිකත්වයෙන් කොළඹ මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේ පැවති නිදහස උදෙසා ජනතා ව්‍යාපාරයේ ප‍්‍රසිද්ධ සම්මන්ත‍්‍රණයෙනි. ‘‘නරකාදිය ඉස්සරහ පිටින් ඇස් ඇරගෙන යනවාද - ඇස් වහගෙන යනවාද කියන එක තීරණය කරන තැනකට ලාංකීය ජනතාව දැන් ඇවිත් සිටිතැ’’යි වත්මන් ජවිපෙ ප‍්‍රචාරක ලේකම් සහෝදරයා කීවේ ඒ රැස්වීමේ අවසාන කතාව ආරම්භ කරමිනි. දැන් දස වසක් ඉක්ම ගොස් තිබේ. බාටා කම්කරුවෝ නරකාදියේ හෙළනු ලැබ සිටිති. ඒ නරකාදිය ඉදිරිපිට ජනතා විමුක්ති පෙරමුණේ ඇස් ඇරී ඇතිදැයි - වැසී ඇතිදැයි දැනගැනීම බොහෝවුන්ට වැදගත් වනු ඇත.

Sunday, June 20, 2004

ඉන්දියාව: කලාපීය අසව්වක් වශයෙන්


රාවය | 2004 ජූනි 20
.......................................................................................................................................

වතින අනම්‍ය රාජ්‍ය සැකැසුමේ ප‍්‍රජාතාන්ති‍්‍රක ප‍්‍රතිව්‍යුහකරණයක් ඇති කිරීමට බල කෙරෙන දෙමළ ජනයාගේ ජාතික ඉල්ලීම් උඩින්, ලැබෙන  ඕනෑම අවස්ථාවකදී ඉන්දියානු බුල්ඩෝසර් යැවීමේ ‘දේශමාමක සැළසුම්’ යළිත් අභියෝගයට ලක්ව තිබේ.  ඒ, කලාපීය දේශපාලනය ගැන අභිනව ඉන්දීය ආණ්ඩුව පෙන්නුම් කොට ඇති රාජ්‍ය තාන්ති‍්‍රක ප‍්‍රවේශයේ ස්වභාවය හේතුවෙනි. කොංග‍්‍රසය ප‍්‍රමුඛ  ‘එක්සත් ප‍්‍රගතිශීලී සන්‍ධාන’ රජය මැයි 27 වෙනිදා එළිදැක්වූ නව ආණ්ඩුවේ ‘පොදු අවම වැඩපිළිවෙල’ (Common Minimum Programme - CMP) පිළිබඳ ලියැවිල්ලෙහි ලංකාව ගැන රාජ්‍ය තාන්ත‍්‍රික ප‍්‍රතිපත්තිය පැහැදිලි කොට ඇත්තේ මෙසේය:

‘‘ශී‍්‍ර ලංකාවේ භෞමික අඛණ්ඩතාව හා සහයෝගීතාව තුළ දෙමළ ජනයාගේත්, ආගමික සුළුතරයන්ගේත් යුක්ති සහගත අභිලාෂයන් මුදුන්පත් කරවන සාම සාකච්ඡුාවන්ට එක්සත් ප‍්‍රගතිශීලී සන්‍ධානය සහාය දක්වනු ඇත.’’ (The Hindu  - 2004 මැයි 28). ජූනි 01 වෙනිදා ඉන්දීය පාර්ලිමේන්තුව අමතා කතාකරමින් ‘‘ශී‍්‍ර ලංකාවේ සියළු භාෂාමය හා ආගමික සුළුතරයන්ගේ යුක්ති සහගත අභිලාෂයන් මුදුන් පමුණුවන්නාවූද, සියළු ජන කොටස්වල අභිමානය හා ආත්ම ගරුත්වය සඳහා අත්‍යාවශ්‍ය සියල්ල සහතික කරන්නාවූද සාමයක් සඳහා මගේ රජය සහාය දක්වනු ඇතැ’’යි (The Hindu - 2004 ජූනි 07) ජනාධිපති අබ්දුල් කලාම් විසින්ද අවධාරණය කරන ලදී. මේ තැන් දෙකෙහිදීම  ‘සුළුතර ජනයාගේ යුක්ති සහගත අභිලාෂයන් මුදුන් පත්කිරීම’ අත්‍යවශ්‍ය ව්‍යතිරේඛයක් වශයෙන් ඉන්දියාව සළකන බව හඟවා තිබේ. පසුගිය දශකය තුළ දෙමළ ජාතික අරගලය කෙරෙහි වූ ඉන්දියානු ආකල්පය, දෙමළ ජනයාගේ ජාතික ඉල්ලීම් තුළ අඩංගු පොදු ප‍්‍රජාතාන්ති‍්‍රක අන්තර්ගතය බිඳදැමීමේ ‘නකල් ඩස්ටරයක්’ බවට පත්කරගැනීමේ ප‍්‍රාර්ථනාවන් මෙකී ස්ථාවරයන් විසින් තරමක් දුරට හෝ අර්බුදයේ හෙළා ඇති බව පෙනේ. ස්වාධීන දෙමළ රාජ්‍යයක් පිළිබඳ ඉන්දීය විරෝධය තවදුරටත් යථාර්ථයක් වන තරමටම අනම්‍ය ඒකීය රාජ්‍යයක්ද ඉන්දීය අපේක්‍ෂාව නොවන බව මෙමගින් පැහැදිලි වේ.

Sunday, June 13, 2004

කුකුළේගඟ ඇමරිකානු සාම සාධනය


රාවය | 2004 ජූනි 13
....................................................................................................................................... 

ජූනි 12 වෙනිදා සිංහරාජයට ප‍්‍රත්‍යන්ත කුකුළේගඟදී ‘‘සාම සාධක ෆැක්ටරියක’’ වැඩ ඇරඹිණ. අභිනවයෙන් ඇරඹුණු කුකුළේගඟ මිලිටරි පුහුණු සංකීර්ණයේදී එක්සත් ජනපද පැසිෆික් ආඥාවේ අධීක්‍ෂණය යටතේ නිත්‍ය හමුදා අභ්‍යාසයන් සඳහා මුලපුරා ඇත. පළමු ඒකාබද්ධ වැඩසටහන සඳහා මොංගෝලියාව, බංග්ලාදේශය, නේපාලය හා ශී‍්‍ර ලංකාව මෙන්ම එක්සත් ජනපදයද සහභාගී වීම නිල වශයෙන්ම නිවේදනය කෙරී තිබේ.  ප‍්‍රකාශිත අරමුණ ‘එක්සත් ජාතීන්ගේ සාම සාධනය’යි. නව අවුරුද්දක් තිස්සේ වැඩි හා-හූවකින් තොරව පවත්වාගෙන ගිය ශී‍්‍ර ලංකා - ඇමරිකානු ඒකාබද්ධ හමුදා අභ්‍යාසයන් හෙවත් ‘සමතුලිත ආරේ මෙහෙයුම්’ (Operation Balance Style) මාලාව මේ යටතේ නව අධියරකට එළඹ ඇත. කුකුළේගඟ හමුදා පුහුණු අභ්‍යාසයන් ‘සාම සාධනයට’ අදාළ යැයි පැවසෙන නමුත් අධීක්‍ෂණ කටයුතු සිදු කෙරෙන්නේ සාම සාධනයේ ලෝ පතල කීර්තියක් සහිත එක්සත් ජනපද පැසිෆික් ආඥාව මගිනි. පැරණි ආණ්ඩුවෙන් සැපයුණු යටි තල පහසුකම් යටතේ දැන් අභිනව ආණ්ඩුව සමඟ ‘රට පෙරට’ය. තනියට ඇමරිකානුවෝද සිටිති. 

Sunday, June 6, 2004

ඉන්දීය මැතිවරණයේ දිදුලන පණිවුඩය


රාවය | 2004 ජූනි 06
.......................................................................................................................................

න්දියාවේ හින්දුත්වවාදී බලවේගයන්ගේ මැතිවරණ පරාජය ගැන බෝතලේගම පාඨලී චම්පික රණවකගේ දක්‍ෂිණාංශික පශ්චාත්තාපය මේ දිනවල ‘‘ජාතික පත්තරවල’’ පිටුපුරා වැගිරෙයි. මේ පසුතැවිල්ල යුක්ති සහගතය.  තුන්වැනි වතාවටත් තම පක්‍ෂය කණපිට ගසා කසාවත් අන්දා වේෂ නිරූපණය කොට නව පාරමිතා පෙරහැරක් සුබ මොහොතින් ලංකාවේ පාරට දමාගත්තා පමණිත ඉන්දියාවේ දක්‍ෂිණාංශික හින්දුත්වවාදයේ පෙරහැර ආපසු ගමන් අරඹා තිබේ. කට මුලටම අසුබ නිමිත්තකි. පරාජය වූයේ හින්දුත්වවාදී ප‍්‍රවණතාවන් නොවේයැයි කියන්නට ලංකාවේ දක්‍ෂිණාංශික උපායික විශේෂඥයා වන රණවක දැන් කෙස් පලන්නේ එහෙයිනි. 

ඇත්තෙන්ම ඉන්දීය මැතිවරණ ප‍්‍රතිඵලය මගින් විදහා පෑ දිදුලන ආදර්ශය කුමක්ද? ආගම්වාදයේ හා වර්ගවාදයේ දක්‍ෂිණාංශික වසන්ත සැණකෙලියක් බවට පත්වුණු ලංකාවේ දේශපාලනයට මුළුමණින්ම ප‍්‍රතිමුඛ යථාර්ථයක් ඉන්දීය මැතිවරණ ප‍්‍රතිඵලය විසින් තහවුරු කොට තිබේ. හින්දුත්වවාදී ආගමික ෆැසිස්ට්වාදය භාගෙට නොව, කට කපලාම පැරදිණ. රණවක නොදන්නා සේ සිටියාට එසේ නිගමනය කිරීමට හේතු දෙකක් තිබේ.

Sunday, May 30, 2004

ඉන්දියානු 'ලොකු අයියා'ගේ පුනරාගමනය


රාවය | 2004 මැයි 30
.......................................................................................................................................

ල්ලීම් ඉල්ලන දෙමළා ඉන්දියානු මුගුරෙන් තලා බිම හෙළාගැනීමේ සුබ සිහින යළිත් දේශ හිතෛශීන්ගේ මනස් තුළ හොල්මන් කරන්නට පටන්ගෙන ඇති සෙයක් පෙනේ. ‘අවසාන ඉන්දියානු සෙබළාත් ඉන්ද්‍රප‍්‍රස්ති පුරය දක්වාම පළවා හරින්නට’ කලක අසිපත් ලෙළවූ සෙනෙවිවරුන් ඉන්දීය මැදිහත්වීමක් සඳහා රතු කාපට් පිළිගැනීමක් දෙන්නට මඟ බලා සිටින්නේ එහෙයිනි. සමීකරණය සරළය: ‘බටහිරින් සිදුකෙරෙන මැදිහත්වීම් තුලනය කරගැනීම සඳහා ඉන්දියානු ලොකු අයියා කැඳවාගත යුතුය.’ මේ විස්මයජනක ප‍්‍රඥාව ගැන කලබල විය යුතු නැත. කොහොමටත් ලංකාවේ ප‍්‍රධාන ධාරාවේ දූරදර්ශීම දේශපාලනයත් තුන්මාසයක ගැරන්ටියක් සහිත එකකි. පැරණි නිරවි යුද්ධයේ නිමාවෙන් පසු වෙනස් වූ කලාපීය භූ දේශපාලන ජවනිකා හා ඊට අනුරූපව ගොඩනැගී ඇති නව උපාය මාර්ගික සන්‍ධාන පිළිබඳ කිසිදු යථාර්ථයක් මේ සරළ සමීකරණ සඳහා අදාළ කර නොගැනෙන්නේ එනිසාය.

ඉන්දීය මැදිහත්වීමක් විසින් ලංකාව මුහුණ දී ඇති ව්‍යාකූලතා නිරාකූල කර දෙනු ඇතැයි සිතිය හැකිද? මේ සඳහා නිදහසින් පසු කාලයේ කලාපය තුළ වර්ධනය වූ සමස්ත ඉන්දීය මිලිටරි-දේශපාලන කි‍්‍රයාකාරීත්වයන් විමසා බැලීම අත්‍යවශ්‍යය. ඒවා හැමවිටම ගැටගැසී තිබුණේ ඉන්දීය ජාතික ආරක්‍ෂාව පිළිබඳ මුලෝපායික අභිලාෂයන් සමඟය. කවර හෝ මට්ටමකින් සිදුවන ඉන්දීය මැදිහත්වීම් සම්පූර්ණයෙන් සැලසුම් කරනු ලැබෙන්නේ යට කී අභිලාෂයන් මුදුන්පත් කරගැනීමට අත්‍යවශ්‍ය වූ මිලිටරි-දේශපාලන දෘෂ්ටි කෝණයෙන් බලාය. ලංකාවේම අතීත අත්දැකීම් අමතක කළද සමාන්තර නිදසුන් කිහිපයක් විමසා බැලීම වුව ප‍්‍රමාණවත්ය. (වර්තමාන වර්ධනයන් ගැන දෙවැනි සටහනකින් සාකච්ඡා කිරීමට අපේක්‍ෂා කරමි.)

Sunday, May 23, 2004

ශ්‍රී ලංකාව ස්වෛරී රාජ්‍යයක්ද?


රාවය | 2004 මැයි 23
.......................................................................................................................................

>ර්මරත්නම් සිවරාම් (තරාකී) මාස කිහිපයකට පෙරාතුව අවධානය යොමුවිය යුතු ලිපියක් Daily Mirror පුවත්පතට ලියා තිබිණ. ලිපියේ මාතෘකාව වශයෙන් යොදා තිබුණේ සිත්ගන්නා සුළු ‘ත‍්‍රස්තවාදී’ ප‍්‍රශ්නයකි : ‘ශී‍්‍ර ලංකාව සැබැවින්ම ස්වෛරීද?’ (Is Sri Lanka Truly Sovereign?) 

ඉකුත් සති කිහිපයේ දිගහැරුණු සිදුවීම් දාමය ඇසුරින් කල්පනා කළ විට සිවරාම් විසින් මතුකළ ප‍්‍රශ්නයෙහි අදාළත්වය යළි යළිත් පසක් වේ. නෝර්වේජියානු විදේශ අමාත්‍යාංශ දූතයින් පසුපසින් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු ආසියානු කටයුතු භාර සහකාර ලේකම් කි‍්‍රස්ටිනා රොකා සිව්දින චාරිකාවක් සඳහා ලංකාවට පැමිණියාය. ඒ පිළිබඳ පළවු කොළඹ මාධ්‍ය වාර්තා අනුව නම් ඇයගේ චාරිකාව ‘ති‍්‍රකුණාමලයේ කස්තුරිනගර් ධීවරයන්ට බෝට්ටු බෙදාදීමට’ ආ ගමනකැයිද හැඟී යාමට ඉඩ තිබේ. ඒ අතරවාරයේදී එක්සත් ජනපදය දෙමළ සටන්කාමී ව්‍යාපාරය සම්බන්‍ධයෙන් දශමයක හෝ බුරුලක් කිසිසේත් නොදෙන බවට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ලේකම් රිචඞ් ආමිටේජ් ලංකාවේ විදේශ ඇමතිවරයාට සහතික කොට තිබුණේය. ඒ සකළ දේශ හිතෛශීන්ගේ පහන් සංවේගය පිණිසය. ලංකාව පිළිබඳ ඉන්දියාවේ නිම නොවන උනන්දුවද, යසූෂි අකාශිගේ ලංකාගමනයද මේ සිදුවීම් දාමයේම පුරුක් වශයෙන් ගත යුතුය.

Sunday, May 16, 2004

ජාතික ප්‍රශ්නය - ගැටළුවල ගැටළුව


රාවය | 2004 මැයි 16
.......................................................................................................................................

ස්වයං මෛථුන්‍යයක් බවට පත්වූ මැතිවරණද, මැයි දින ‘පික්නික්’ හා සතුටු උයන්ද පී‍්‍රතිමත්ව නිමාවිය. දැන් ජාතික ප‍්‍රශ්නය ලංකාවේ දේශපාලනයේ හරි මැදට යළිත් පැමිණෙමින් තිබේ. භේද වීමේ හෝ සමගි වීමේ රේඛාවන් ඇඳෙන්නේ එහි අනුහසිනි. ඒ හේතුවෙන් එක්සත් ජාතික පක්‍ෂය සිය ‘පරාජයේ ජයග‍්‍රහණය’ ප‍්‍රමෝදයෙන් සමරන අතර, නිදහස් සන්‍ධානය සිය ‘ජයග‍්‍රහණයේ පරාජය’ විළියෙන් සඟවති. රූපවාහිනී නාලිකාවල දේශපාලන චණ්ඩි සංවාද දැන් මධ්‍යම රාති‍්‍රයට නිමාවන්නේ ජාතික හෙළ උරුමයේ වියරු ඩ‍්‍රැක්‍යුලා සිනා හඬිනි.

ජාතික ප‍්‍රශ්නය ලාංකීය දේශපාලනයේ හරි මැදට යළිත් පැමිණෙමින් ඇතැයි අප ලියන්නේ ඇයි?

ජාතීන් පිළිබඳ නොවිසඳුණු ප‍්‍රශ්නය සමාජ විපර්යාසය හමුවේ අති මූලික අභියෝගයක් ජනිත කරන්නේ ලංකාවේදී පමණක් නොවේ. නමුත් ලංකාවට ආවේණික වූ සුවිශේෂතා පවතී. 1994න් පසු ජනතා විමුක්ති පෙරමුණ සම්බන්‍ධව සිටි ජාත්‍යන්තර ලෙනින්වාදී ප‍්‍රවණතාව විසින් 2001 ජූනි 27 වෙනිදා ජවිපෙ නායකත්වයට විවෘත ලිපියක් ලීවේය. ඒ, ජවිපෙ හා ලෙනින්වාදී ප‍්‍රවණතාව අතර වූ සම්බන්‍ධයේ නිත්‍ය බිඳී යාම සළකුණු කරමිනි. ජවිපෙ පක්‍ෂ කේඩරයේ බහුතරයකට අනාවරණය නොවූ එම ලිපියේ තැනක මෙසේ දැක්වේ: